தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
විල්පත්තු බිම් අගලක්වත් කිසිවෙකුට ලබා දී නැත - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විල්පත්තු බිම් අගලක්වත් කිසිවෙකුට ලබා දී නැත – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්ව ගත වූ වසර හතරක කාලයේදී විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිතව බිම් අගලක්වත් කිසිවෙකුට ලබා දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහනුවරදී අද (23) පවසා තිබේ.
තමන් විසින් හෝ තම අනුදැනුම යටතේ කිසිදු පුද්ගලයකුට හෝ සංවිධානයකට විල්පත්තු රක්ෂිතයේ ඉඩම් දී නැතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයා අද පෙරවරු මේ බව පැවසුවේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාවක් යුනෙස්කෝ සංවිධානය වෙත ලබා දෙන්නට මහනුවර පැවති උත්සවයකදීය.

මේ වනවිට මැතිවරණ උණුසුම තුළ ජනතාවගේ ජාතිවාදී හැගීම් අවුලූවාලන්නට මෙවැනි පුවත් සිය දේශපාලන අනුගාමිකයන් ලවා අධිතක්සේරු කරනු ලබන්නේ රාජපක්ෂ කණ්ඩායම වන අතර ජාතිවාදී ප‍්‍රචාරය භාවිත කරමින් ජනාධිපතිවරයාද සිය ප‍්‍රචාරක කටයුතු දකුණේ ජනයා අරභයා සිදු කරයි.

මින් පෙරාතුව වසර ගණනක් දේශපාලන නායකයන් සිය අභිමතය පරිදි ආධාරකරුවන්ට ඉඩම් දෙන බවට වාර්තා විය. එහෙත් ඒ දිනවල ජනාධිපතිවරයා අවධානයට ගත්තේ නැත. මෙවර ජනාධපතිවරයාට දකුණේ ඡුන්ද ඉලක්ක කරමින් මෙවැනි ප`කාශ ඉදිරිපත් කළ හැකිය.