Posted on 01.09.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවට සහාය දුන් චෝදනා යටතේ ලාංකිකයන් තිදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය චෝදනා ගොනු කර ඇති බව ලොස් ඇන්ජලිස් මධ්‍ය දිස්ත්‍රික්කයේ නීති නිලධාරි නික් හන්නා පවසා ඇත.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 268ක් මරණයට පත්කර තවත් පුද්ගලයන්ට තුවාල හා දේපළ හානි සිදුකිරීම යටතේ මෙන්ම ත්‍රස්තවාදී සංවිධානයකට අනුග්‍රහය දැක්වීම ආදී චෝදනා එක්සත් ජනපදය විසින් ලාංකිකයන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත්කර ඇත. මෙම තිදෙනා මේ වනවිටත් ලංකාවේ පොලිස් අත්අඩංගුවේ පසුවන චූදිතයන්ය.
මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් සහ මොහොමඩ් රිස්කාන් යන තිදෙනා මේ ආකාරයෙන් චෝදනා ලැබ ඇත්තේ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර ලබාදීම යටතේය. ඊට අමතරව නවුෆර් හා රිස්කාන් යන දෙදෙනාට අවි පුහුණුව ලබාදීමේ චෝදනා එල්ලකර ඇත. මෙම චූදිතයන් ලංකාවේ රජය විසින් නිසි අධිකරණ ක්රියාදාමයකින් චෝදනා ඉදිරිපත් කර යුක්තිය ඉටුකිරීමට යොමුවනු ඇති බවට නික් හන්නා විශ්වාසය පළ කර ඇත. 2019 පාස්කු ප්‍රහාරයේදී සංචාරක හෝටල් ඉලක්ක කර බුණු අතර අමෙරිකානු පුරවැසියන් 5 දෙනකු මරණයට පත් විය.