Posted on 04.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු දින කුරිරු ප්රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
“පසුගිය රජය විසින් සිදුකළ සාපරාධී නොසලකා හැරීම්, මගහැරීම සහ ජාතික ආරක්ෂාව තම දේශපාලන කටයුතු සමග පටළවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවූයේ අහිංසක ජනතාවට. අදත් එම ප්රහාරයට වගකිවයුතු කොට්ඨාස විවිධ බොරු සමාජගත කරමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවන්ට යොමුකරමින් සිටිනවා. අපි එම පිරිස පිළිබඳව කණගාටුවෙනවා”