Posted on 05.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් රාජකාරි වගකීම් හා යුතුකම් ඉටුකිරීම පැහැරහැරීම ඇතුළු අධිචෝදනා 863 ක් යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන අයට එරෙහිව පැවරීමට නියමිත නඩු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ ති්රපුද්ගල විනිසුරු මඩුලු දෙකක් පත් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා ඊයේ (03 දා) අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මිනිස් ඝාතන සිදු කිරීම, ඒ සඳහා සෘජුව හෝ වක්රව ආධාර අනුබල දීම ඇතුළු ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ ගැනන ඉතා බරපතළ අධි චෝදනා ගොනු කර නඩු දෙකක් වෙන් වෙන්ව පවරනු ලබන බැවින් එකී අධි චෝදනාවල පවතින අතිශය සංකීර්ණභාවය ඇතුළු සුවිශේෂ කරුණු සලකා එලෙස ති්රපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුලු දෙකක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.