Posted on 04.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයන් පිළිබඳව කාදිනල්තුමා අවස්ථා කිහිපයකදීම ඉඟි කිරීම ගැන සඳහන් මාධ්‍ය වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පවසා ඇත්තේ පල්ලි විශේෂයෙන් ඉලක්ක කරගෙන ඇත්තේ අයිඑස් මතවාදය නිසා බවයි.
දේශපාලන අවශ්‍යතාවයක් තිබුණේ නම් ඔවුන් පල්ලි ඉලක්ක කර නොගන්නා බවද පල්ලිවලට පහරදීමේ අරමුණ ජාත්‍යන්තර අවධානය ලබා ගැනීම බවත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
අයිෆල් කුළුණේ විදුලි පහන් පවා නිවා දැම්මා පාස්කු ප්‍රහාරය නිසා. ඒත් ඔවුන් පන්සලකට පහර දුන්න නම් ඒ වගේ ජාත්‍යන්තර අවධානය දිනා ගන්නේ නැහැ. ඒ නිසා මෙම ප්‍රහාරය පිටුපස කිසිම දේශපාලන හස්තයක් තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ.
ඇමතිවරයා මෙවැනි ප්‍රකාශයක් කරන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රමවත් පරීක්ෂණයක් සිදුවී නොමැති තත්ත්වයකදියි. එම ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හැරෙන්නට එම ප්‍රහාරය මෙහෙයවූවේ කවුරුන්ද කුමන අවශ්‍යතාවයක් මතද යන්න වසර 2ක් ගතවී තිබියදීත් මෙතෙක් හෙළිකර නැත.