Posted on 04.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු මංගල්‍යය සමරන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවට අද (21) දිනට දෙවසරක් සපිරේ. 2019 අප්‍රේල් 21දා උදෑසන දේව මෙහෙයන් සඳහා සහභාගි වූ අහිංසක බැතිමතුන් සිය ගණනක් ඝාතනයට ලක් වූ අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූහ.
අප්‍රේල් 21දා අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය, කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඇතුළු ප්‍රධාන පෙළේ හෝටල් කීපයක් සහ දෙහිවල ප්‍රදේශයේ ලැගුම් හලක්ද විනාශ විය. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වැඩිම කිතුනු බැතිමතුන් පිරිසක් ඝාතනයට ලක්වූයේ මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සහ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන තුළදීය.
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වේ.