Posted on 12.26.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විමර්ශනයන්ගේ අවශ්‍යතා සඳහා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගනු ලැබූවන් රඳවා තබා ගැනීමේ නීති දීර්ඝ කිරීමට අධිකරණ ඇමති අලි සබ්රි විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සාමාන්‍යයනේ පැහැරගැනීමක තත්වයක් දක්වා වගකීම් විරහිත කටයුත්තක් බවට පත් වේ. 1971 අරගලයේදී මෙන්ම 1987-89 අරගලයේදීත් 30 වසරක යුද්ධයේදීත් තරුණ තරුණියන් රාජ්‍ය මර්දනයේ ගොදුරු බවට පත්කරන ලද්දේ මේ ආකාරයේ වගකීම් විරහිත ප්‍රතිපාදන යටතේය.
පසුගිය 23දා අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්රි විසින් නිකුත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අපරාධ නඩු විශේෂ විධිවිධාන සංග්‍රහය යටතේ වරෙන්තු නැතිව පුද්ගලයන් සිරභාරයට ගෙන රඳවා තබා ගැනීමට හැකිවන පරිදි බලපැවැත්වෙන විධි විධාන වසර දෙකක් දක්වා දීර්ඝ කෙරිණි.
2013 අංක 2 දරන අපරාධ නඩු විශේෂ විධිවිධාන පනත යටතේ මෙම නියෝගය පනවා ඇති අතර 2021 පෙබරවාරි 2 දින සිට අවුරුදු දෙකක් බලපැවැත්වෙන පරිදි ඒනම් 2023 පෙබරවාරි 2 දක්වා මේ වගකීම් විරහිත තත්වය බලපැවැත්වේ.
යුද්ධය අවසානයේ පුද්ගලයන් දහස් ගණනක් ආරක්ෂක හමුදා භාරයට පත්කළද ඔවුන් රැඳවුම් කඳවුරුවල නොමැති බවට මව්පියන් විසින් උද්ඝෝෂනයක් ගෙන යමින් තිබේ. ඒ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට වෙහෙසුණු අතරතුර ආරක්ෂක අංශ පැහැරගෙන ගිය බව
නිශ්චිත වශයෙන්ම අනාවරණය වූ ලලිත්-කුගන් දෙදෙනා රඳවා තබාගෙන සිටියදී අතුරුදන්කර ඇත. ඔවුන් වෙනුවෙන් ගොනුකළ හබයාස්කෝපුස් නඩු විභාගයට එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දිය යුතු සාක්ෂිය අභියාචනාධිකරණය විසින් වැළැක්වීම නිසා ඒම නඩුවද දුර්වල තත්වයකට ඇද දමා ඇත.