පොලිසිය සිසුන්ට පහරදීම ගැන විමර්ශනයක්ලු – පොලිස් නිලධාරියෙකුටත් තුවාලයිලු

ඊයේ 3 පැවති ශිෂ්‍ය විරෝධතාවකට අමානුෂික ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පොලිසසිය පිළිබද මෙතෙක් ජනතාවට මවා පෙන්වූ මහජන හිතකාමී වෙස්මුහුණ ගැලවී ඇත.
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පාර්ලිමේන්තුව පිවිසුමේ මාර්ගයේ දී ඊයේ :03* සවස පැවැත්වූ විරෝධතාව හමුවේ පොලිසිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිම පෙරලා පහරදීම, බලහත්කාරයෙන් පැහැරගන්නා අවස්ථාවක මෙන් බිම පෙරළීමෙන් පසුව ම්ලේච්ඡු ලෙස සිසුන් අත්වලින් ඇදගෙන යන ආකාරය සහ විශේෂයෙන් පොලිස් බූට් සපක්කු සහික පාදයෙන් බිම වැටී සිටින ශිෂ්‍යයන්ට පාපහර දෙන ආකාරය මාධ්‍ය මලින් අනාවරණය කරණ ලදී. එම අනාවරණයන් නිසාම ශිෂ්‍ය වෙිරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප‍්‍රකාශ කරන්නට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකරට සිදුවිය.
මෙහිදී පොලිසිය කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන් සාමාජයේ නොයෙක් දෙනා චෝදනා කර තිබීම සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී කියා සිටියේයග

මෙහිදී පොලිස් නිලධාරීන් කි‍්‍රයා කර ඇත්තේ පවතින නීති රාමුව තුළද නැතහොත් නීති රාමුවට පරිබාහිරින් ද යන්න හෙළි කරගත හැකි බවද එහිදී ප‍්‍රකාශ විය. කෙසේවෙතත් පොලිසිය සිසුන්ට පහරදීමේ ම්ලේච්ඡු ස්වභාවය සාමාන්‍යකරණය කිරීමේ අදහසින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙක්ද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇති බව සහ ඉන් එක් නිලධාරියෙකු තවමත් කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා බැරූරුම් මුහුණක් පෙන්වමින් පැවසීයග

Chandana Sirimalwatte :