හෙට(24) වැනිදා බොගවන්තලාව නගරයේ පැවැත්වීමට සූදානම් කර ඇති ‘1000 ව්‍යාපාරයේ‘ කම්කරු රැළිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇමති දිගම්බරන් ඇතුලු වතු කම්කරුවන් පාවාදුන් දේශපාලකයන් කටයුතු කරමින් සිටී.
වතුකම්කරුවන්ට දෛනික මූලික වැටුප රු.1000ක් කරන ලෙසත්, ඉඩමක් නිවසක් ලබා දීම, වතු ජනයාට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් වෙනුවෙන් ‘1000 ව්‍යාපාරය‘ පවත්වන්නට සූදානම් කර තිබෙන රැලියට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත. කම්කරුවන් දැනුවත් කිරීමේ අරමුණින් ‘1000 ව්‍යාපාරයේ‘ දැනුවත් කිරිමේ යෙදී සිටි එම ව්‍යාපාරයේ ක්‍රියාකාරින් 15 දෙනකු බොගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම වේලාසන ප්‍රසිද්ධ කළ මෙම රැලියට බාධා පැමිණවීමට ඇමති දිගම්බරන්ගේ මැරයන් විසින් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටී. අද දින බොගවන්තලාව නගරයේ කම්කරුවන් දැනුවත්කිරීමේ යෙදී සිටි ‘1000 ව්‍යාපාරයේ‘ ක්‍රියාකාරීන්ට දේශපාලකයන්ගේ හෙංචයියන් වන මැරයන් විසින් තර්ජනය කර ඇත. අගමැති රනිල් ඇතුළු දේශපාලකයන් බොගවන්තලාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ. වතු කම්කරුවන් සදහා නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කිරීමේ රැස්වීමක් සදහා මෙසේ රනිල් වික්‍රමසිංහ පැමිණෙන බවට ප්‍රචාරය කර තිබේ. නගරයේ සිදුවීමෙන් පසුව ‘ 1000 ව්‍යාපාරයේ‘ ක්‍රියාකාරින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය පිළිබද දැනුම් දී ඇත. ප්‍රසිද්ධ රැස්වීම සම්බන්ධව වේලාසන නිල කටයුතු සූදානම් කර තිබියදී දේශපාලන නායකයන්ගේ බලපෑම් මත පොලිසිය විසින් මෙසේ කටයුතු කර ඇත. හෙට දින ගඅමැති රනිල් වික්‍රමසිංහ බොගවන්තලාවට පැමිනෙන බැවින් කම්කරුවන් ඒකරාශි කිරීම හා විරෝධතා දැක්වීම සාමකාමී තත්වයට බාධාවක් වන බැවින් වෙනත් දිනයක රැස්වීම පවත්වන ලෙස පොලිසිය විසින් ‘1000 ව්‍යාපාරයේ‘ ක්‍රියාකාරින් වෙත දැනුම් දී ඇත. කෙසේවෙතත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස ඒ පිළිබද පොලිසියට තදින් විරෝධය දැක්වීමෙන් පසුව නිදහස් කරන්නට කටයුතු කර ඇත.