Posted on 10.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුට තලංගම පොලිස් ස්ථානාධිපතිගේ දුරකථනයෙන් අමතමින් උසස් පොලිස් නිලධාරියකු විසින් තර්ජනය කර ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තොන්නකෝන් විසින් තමන් වෙත එසේ තර්ජනය කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අනාවරණය කරයි.
කොළඹ, රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට විශේෂ ලිපියක් ලියමින් හු පවසන්නේ තමන් තලංගම පොලිසිය වෙත ගෙන යාමට පෙර මිරිහානේ එක්තරා ස්ථානයකට ගෙන ගිය බවද පසුව තලංගම පොලිසිය කරා ගෙන ගිය බවත්ය.
තලංගම පොලිසියේදී ස්ථානාධිපතිවරයා අමතා දුරකතනය ඔස්සේ ඇමතුම වසන්ත වෙත දෙන ලෙස ඉල්ලා තිබිණි.
ඔහු එහිදී අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වෙත තර්ජනාත්මකව කතා කළ බව කියන කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ මුදලිගේ විස්තර කර ඇත්තේ ඇත.
” අගෝ.06 පාන්දර මාව අත්අඩංගුවට අරගෙන තලංගම පොලීසියට ගියා. එතනදි කටඋත්තරය ලබාදෙන අතරතුර දුරකතනය හරහා දේශබන්දු තෙන්නකෝන් තලංගම පොලිස් ස්ථානාධිපතිට කතා කරා. ඔහු ලවා මගේ අතට දුරකතනය දීල දේශබන්දු තෙන්නකෝන් “මේ පාර නම් තොපි එකෙක්වත් අතාරින්නෙ නෑ. ඔක්කෝටම කෙළවලාම දානවා. තොපි රඟනවා වැඩියි, පරිස්සමෙන් හිටපියව්” කිව්වා. මේ බව මම බොහොම වගකීමෙන් කියන්නෙ. දේශබන්දු තෙන්නකෝන් දුරකතනය හරහා එහෙම තර්ජනය කරා. ඔන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙ පොලීසිය. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම් බොහොම සැලසුම් සහගතව කරපු ඒව බව තහවුරුයි. අන්තිමේදි දේශබන්දු තෙන්නකෝන් කරපු තර්ජනයේ අර්ථය අපිට තේරුනා බන්ධනාගාරය තුළදි. “