Posted on 05.25.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අද දිනයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබූ වීඩියෝවක සිටි වීල් බැරෝවක ආධාරයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අලුත්ගම දර්ගා ටවුන්හි පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ මෙම පුද්ගලයා මුඛ ආවරණයක් පැළඳ නොසිටීම හේතුවෙන් නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීම යටතේ අත්අඩංගුවට ගත් බවයි.
මෙම පුද්ගලයාට එරෙහිව නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.