தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
‘සුළඟ අප රැගෙන යාවි' චිත්‍රපටය මාර්තුවේ තිරයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය මාර්තුවේ තිරයට



නුවන් ජයතිලකගේ කුළුඳුල් නිර්මාණය ලෙස ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය මාර්තු මස 01 වැනිදා සිට තිරගත කිරීමට නියමිතය.

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් හීදි සම්මාන රැසක් ලැබූ මෙම සිනමාපටය යුරෝපීය සිනමා වෙළඳපලටද තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

යුරෝපීය ළමා චිත්‍රපට සංගමයේ මූලිකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙහි සිංහල සිනමාපටයක් තෝරා ගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි. දින 16ක් තුළ නිර්මාණය කර ඇති මෙම සිනමාපටයේ සියලු ශබ්ද දර්ශන තලයේදීම පටිගත කර තිබීම ද විශේෂත්වයකි.