Posted on 10.27.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හාරිස්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව් දෙනාගෙන් එක් අයෙකි.
තමන් ඇතුළු පිරිස, විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමට පෙර, අගමැතිවරයා ඇතුළුව ආණ්ඩුවේ ප්‍රධානීන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡ කර එකගතාවයකට පැමිණි බව ඔහු පවසයි.
එම කරුණු මුස්ලිම් ප්‍රජාවට සංවේදී කරුණු බව පවසන මන්ත්‍රීවරයා, එම කරුණු මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත්, තමන් ඇතුළු පිරිස, ආණ්ඩුවෙන් අමාත්‍ය ධූර බලාපොරොත්තු නොවන බවද ඔහු පවසයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ කළේ, පක්ෂ නායක රාවුෆ් හකීම් ගේ ද ආශිර්වාදය ඇති ව බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
මේ අතර සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ඩයනා ගමගේ ද විස්සට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ තීන්දුව ගැනීමට පෙර ජනාධිපති, අගමැති, මෙන්ම බැසිල් රාජපක්ෂ ද සාකච්ජා කර එකඟත්වයකට පැමිණ ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඩයනා ගමගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කළ අවස්ථාවේදී ඇයගේ සැමියා වන විශ්‍රාමික කපිතාන් සේනක ද සිල්වා විසින් සාදයක් සංවිධානය කර තිබු අතර අගමැති මහින්ද රාජපක්ෂ ද එම අවස්ථාවට එක්ව සිට ඇත.