Posted on 03.11.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කාන්තාව නියෝජනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය හේතුවෙන් පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාමලේඛණය ගැසට් කිරීම තවත් දින කිහිපයක් ගත වනු ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.
මීට පෙර මාර්තු මස 06 වනදා පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට නියමිතව තිබුණ ද එය කල්දැමීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණි. පළාත් පාලන සභිකයන්ගේ නාමලේඛණය මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ ජනමාධ්‍ය වෙත සඳහන් කළාය. පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ආසන 340ක් සඳහා තේරී පත් වූ සභිකයන් 8689 දෙනෙකුගේ නම් මේ වනවිට මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලය වෙත බාරදෙනු ලැබීය.
කෙසේවතෙත්, පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු එළඹෙන 20 වනදා සිදු කෙරෙන බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කළේය.