தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පළාත්පාලන මන්ත්‍රී නම් ලැයිස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න සූදානම් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන මන්ත්‍රී නම් ලැයිස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න සූදානම් !



පළාත්පාලන මැතිවරණයෙන් මාසයක ප්‍රමාදයෙන් පසුව ඒක් ඒක් පළාත්පාලන සභාවලට තේරී පත් වූ සභිකනියෝජිතයන්ගේ නාම ලේඛන ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ලබා දී අැති බව රජයේ මුද්‍රණාල අාරංචි මාර්ග පවසයි.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කර අැත්තේ අද(9) දින ඒම සභික නාමලේඛන ප්‍රකාශයට පත්කරන බවය. පළාත්පාලන මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමෙන් පසුව මාසයක් ගතවනතුරු ඒම මන්ත්‍රි නාම ලේඛන ප්‍රකාශයට පත් කිරීමට නෙහැකි අර්බුදයකට මැතිවරණ ෙකාමිසම අැද වැටී තිබිණි. අවසාන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වූ  පෙබරවාරි 12 වැනිදා දක්වාම පළාත්පාලන අායතනවල සභික සංඛ්‍යාව ලෙස ප්‍රකාශ වූයේ 8356ක් ලෙසය. ඒහෙත් අාසන දිනාගැනීම හා සමානුපාතික නියෝජනයේ අවශ්‍යතා අනුව සභික සංඛ්‍යාව 8689 දක්වා ඉහළ දැමියයුතු බව පසුව ප්‍රකාශයට පත් විය. ඒසේම ස්ත්‍රී නියෝජනය 25% ලෙස පැවතිය යුතු සංශෝධනයක් තිබුණද මැතිවරණ ප්‍රතිඵලය අනුව පළාත්පාලන අායතන 25ක පමණ ඒම ස්ත්‍රී නියෝජනය සපුරන්නට බාධා අැති විය. මේ තත්වය නිසාම මැතිවරණ සංශෝධනය මෙතෙක් සාධාරණම සංශෝධනය බවට සහතික දුන් විපක්ෂයේ පක්ෂවලට පවා ස්ත්‍රි නියෝජනය නොතකා පළාත්පාලන සභා පිහිටුවීමට ඒකග වීම හැර ෙවන යමක් කළ නොහැකි විය.

පසුගිය වසරේ පළාත්පාලන මැතිවරන සංශෝධනයෙන් සිදුව අැති විකෘති සහගත තත්වය මෙයට හේතු වී අැති අතර පළාත්පාලන පනත නැවත සංශෝධනය කල යුතු බවට මැතිවරණ  කොමිසමේ සභාපතිවරයා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර අැත.