නාම යෝජනා පවා ප්‍රතික්ෂේපවූ කාන්තිලා මහරගම නාගරික මන්ත්‍රිකමට දිවුරුම් දෙති!
Posted on 06.07.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පොදුජන පෙරමුණේ පළාත්පාලන මන්ත්‍රි අපේක්ෂකයන් ලෙස නාම යෝජනා ප්‍රතික්ෂේප වූ 6 දෙනකු මහරගම නාගරික මන්ත්‍රින් ලෙස දිවුරුම් දී ගැසට් මගින්ද ප්‍රසිද්ධියට පත්කිරීම විහිලුසහගතභාවය සනාථ කරන්නක් බව දේහපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.
පසුගිය පෙබරවාරි 10 පැවති පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් ‘යතුරුපැදිය’ ලකුනින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් 2 දරණ කණ්ඩායමේ නාගරික මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉල්ලා අස්වී අැත. ඒ වෙනුවට එම නගර සභාවේ වංචා දූෂණ සම්බන්ධ චෝදනා ලැබූ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුලූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හයදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී අද(7) පෙරවරුවේ දිවුරුම් දී අැත.
කාන්ති කොඩිකාරට අමතරව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් චිත්‍රානි සුගතපාල, රේවතී මංගලිකා සිගේරා, සාවිත්‍රි ගුණසේකර, දිනෙත්‍රි කෙයාරා ජයසේකර සහ ඉනෝකා අනුරාධා රණවීර නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී අැත. ඔවුන්ගේ නම් ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කර තිබේ. පලාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාවට යතුරුපැදිය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමක් ජයගත් අතර ඔවුන් එහිදී හිමිකරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 25 කි. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස දිවුරුම්දෙනු ලැබුවේ තේරීපත් වූ ටිරාජ් ලක්රුවන් පියරත්න මන්ත්‍රීවරයායි.
මේ අාකාරයට වෙනත් අපේක්ෂක කණ්ඩායමක් ජයග්‍රහණය කළ මහජන නියෝජිත අාසනවලට නාම යෝජනා පවා ප්‍රතික්ෂේප වූවන් පත්කිරිමට හැකිව අැත්තේ ජයග්‍රාහී කණ්ඩායම මිලදී ගැනීමට මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට අැති හැකියාව නිසාය. ඒ් අනුව, පවතින ධනපති දේශපාලනය විසින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ෙකොතරම් විහිලුසහගත විකාර තත්වයකට අැද දමා අැත්දැයි හොදින්ම නිරූපනය වේ.