තම සංගමයේ ඉල්ලීම්වලට හෙට(24) දිනය තුල විසඳුම් නොලැබෙන්නේ නම් 25 දින උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයක් සිදුකර තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිනි ආරක්ෂක නිලධාරින් සම්බන්ධව නිතිය ක්‍රියාත්මක කිරීම, එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන බවට පොරොන්දුවක් දීම සහ අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කිරීම වෛදය සංගමයේ ඉල්ලිම් අතර වේ.
ආණ්ඩුව විසින් සයිටම් අර්බුදය පිළිබද ගෙනයන අත්තනෝමතික ක්‍රියාකාලාපය සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස සිදුකරන වර්ජනයක් පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ තීරණාත්මක විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවන ලදී. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කිරීම සහ අඛණ්ඩ ශිෂ්‍ය මර්දනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. එසේම සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ලබාදෙන පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේය.