දඩ එපා කියන්නේ බස්හිමියන් නෙවෙයි, බස් සේවක ඉල්ලීම් ගණන් ගන්නේ නෑ – නිමල් සිරිපාල

නව දඩ පත්‍රිකාව හදුන්වා දෙන්නේ මාර්ග අනතුරු අවම කිරීමට බවද බස් වර්ජන හෝ වෙනත් කිසිදු හේතුවක් නිසා දඩ ගැසීම් හකුලා නොගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය‍ නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

දඩ පත්‍රිකා එපා කියන්නේ බස් හිමියන් නොව බස්වල සේවය කරන පුද්ගලයන් නිසා ඔවුන්ගේ විරෝධයන් අනුව කිසිවිටෙක තීරණ නොගන්නා බව ඇමතිවරයා සඳහන් කළේ කොළඹදී අද(16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඉදිරියේදී අවශ්‍ය නම් වෙනත් පනතක් මඟින් දඩ ක්‍රමය සංශෝධනය කළ ගත හැකි නමුත් ආණ්ඩුව කිසිසේත්ම එවැනි කිසිදු තීරණයකට එළඹෙන්නේ නොමැති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Chandana Sirimalwatte :