අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි අද(15) දින රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ආණ්ඩුව විසින් SAITM ආයතනය සම්බන්ධයෙන් ලබා දීමට යොජිත ව්‍යාජ විසඳුම්වලට එරෙහිව ජනවාරි 25 වන දින විරෝධතා පා ගමනක් සංවිධානය කිරීම හේතුවෙන් මහජන සාමයට බාධා කිරීම සහ මැතිවරණ සමයේ පා ගමන් සංවිධානය කිරීම යන චෝදනා කරමින් පොලිසිය විසින් කොළොඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩුවකට පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් එළඹෙන 28වන දින දක්වා කැඳවුම්කරුවන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කරන ලදි.
දැඩි ආණ්ඩු විරෝධයක් පිළිඹිබු කරමින් පැවතී මැතිවරණයේ ප්‍රතිපලය පවා පසෙකලමින් තවදුරටත් ආණ්ඩුව සිය මර්ධනකාරී ක්‍රියාමාර්ග කිසි ලෙසකින් හෝ හකුලා ගැනීමට ක්‍රියා නොකරන බවට මෙම සිදුවීම හරහා හොදින් පැහැදිලිවන අතර සිය මූලික ආර්ථික උපායමාර්ගය වන පෞද්ගලීකරණයට එරෙහිවන පාර්ශව සඳහා නොපැකිලිව සිය මර්නදය මුදාහරිමින් ඇත.