අද(28) සවස අර්ජුන රණතුංග විසින් දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ඇතුළුවීමෙන් පසුව සේවක විරෝධය හමුවේ වෙඩිතැබීමේදී තුවාල ලද සංස්ථා සේවකයා මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග අනාවරණය කරයි.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ සේවකයන් විරෝධය දක්වා ඇති අතර එහිදී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඇමති ආරක්ෂකයා විසින් කළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරණ ලදී. වෙඩිතැබීමේදී සේවකයන් දෙදෙනකුට හිසට සහ පපුවට වෙඩි වැදී තිබිණ. ඔවුන් තිදෙනාගෙන් එක් අයෙක් සවස 6.45 ට පමණ මියගිය බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. තුවාල ලබා සිටින සෙසු සේවකයන් දෙදෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.