Posted on 03.04.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ දෙමළ චිත්‍රපටයක් ‘කෝමාලි කිංග්ස්’ හෙවත් විකට රජ්ජුරුවෝ නමින් මේ දිනවල ශ්‍රී ලංකාව පුරා සිනමා ශාලා 50 ක පමණ තිරගත වෙමින් තිබේ.
කොළඹ, මඩකලපුව හා යාපනය ප්‍රදේශයේ රුගත කර ඇති මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ එක් එක් පළාත්වලට ආවේණික දෙමළ බස් වහර කිහිපයකින්ද සමන්විත වේ. ලංකාවේ ප්‍රවීණ දෙමළ කලාකරුවන් වන රාජා ගනේෂන්, දර්ශන් ධර්මරාජන්, නිරංජනී සන්මුගරාජා, ගජන් ගනේෂන් මෙහි රංගනයෙන් දායකවී තිබෙන අතර මහින්ද අබේසිංහ කැමරා අධ්‍යක්ෂණයෙන් මෙයට දායක වී තිබේ. මෙම චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ දෙමළ හා සිංහල ජාතිකයන් එක්ව කළ නිර්මාණයක් වන අතර දශක හතරකට පමණ පසු ශ්‍රී ලංකාව පුරා සිනමා ශාලා රැසක එක්වර තිරගතවන පළමු ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපටයද වේ.
චිත්‍රපටයේ අධ්‍යක්ෂක කින්ග් රත්නම් පවසන පරිදි මින් පෙර වාණිජ මට්ටමේ ලාංකික දෙමළ චිත්‍රපටයක් ලෙස ‘කොමාලිගල්’ තිරගත වූයේ 1976 වසරේදීය.
