Posted on 03.04.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්ර අද(4) සිය නිවසේදී හදිසියේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ සාමාජිකයන් ජනමාධ්‍ය වෙත දන්වා තිබේ.
කළක් රෝගාතුරව සිටි මෙම රාජ්‍ය සම්මානලාභී නවකථාකරුවා, පන්නිපිටිය – ඇරැව්වල පිහිටි සිය නිවසේදී අද අභාවප්‍රාප්ත විය. සිය තරුණ වියේදී ලේඛන කාර්යට ප්‍රවේශ වී 1965 වසරේදී කෙටි කථා එකතුවකින් සාහිත්‍යකරණයට පිවිසි ඇරැව්වල නන්දිමිත්ර ‘කය මිස සිත නැති දන’ ඇතුලු සම්මාන දිනූ නවකථා රැසක් රචනා කළේය. යථාර්තවාදී රීතියෙන් නිර්මාණකරණයේ යෙදීමට වැඩි රුචිකත්වයක් දැක්වූ නන්දිමිත්ර ලේඛකයා මල්දෙණියේ සිමියොන්, ගංතෙර තෙරණිය, සුද්දෝ සහ කොයින් මැණිකේ, දුටු තැන වෙඩි තබනු, ගිනි, මම සමු නොගනිමි, සුදු කොඩි, පද්මාවතී, රත්තරන් නෙළුම් මල්, සෙනෙහෙලතා මැණිකේ, පුංචි කුමාරිහාමි, ජීවිතය සුන්දර, ගම්බද කල්‍යාණි ආදී සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත් කරවීය. ඔහුගේ ‘මල්දෙණියේ සිමියොන්’ නවකතාව පසුව සිනමා කෘතියක් ලෙස නිර්මාණය විය. කෙටිකතා රචනයෙහි සුවිශේෂ හැකියාවක් දැක්වූ ඔහු ප්‍රබන්ධ සාහිත්‍ය කලාවේ නව ශෛලීන් සහ රීතීන් රැසක් හදුන්වා දුන් සාහිත්‍යකරුවෙක් ලෙස හැදින්වේ.
වයස අවුරුදු 78ක්ව සිටියදී ඔහු අභාවයට පත්වූ බවද අවසන් කටයුතු පසුව දන්වන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.